මාර්තු මස 03 වන දින සිට 05 වන දින දක්වා අම්පාර ගුවන් හමුදා කඳවුරේදි "AIR FORCE DAY", ගුවන් හමුදා ප්රදර්ශනය සහ සැණකෙලිය පැවැත්වීමට නියමිතව ඇති අතර ගුවන් හමුදාධිපතිවරයාගේ අනුදැනුම පරිදි මෙම ප්රදර්ශනය සහ සැණකෙලිය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව සළසා දි ඇතැයි ගුවන් හමුදාව පවසයි.
එහිදී ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, තූර්ය වාදන සංදර්ශන, සරඹ සංදර්ශන, සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට නියමිත වේ. මෙම සංදර්ශනය සහ සැණකෙලිය දිනපතා සවස 02.00 ට ආරම්භ කරන අතර රාත්රි 11.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.