Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

කැබිනට් මණ්ඩලය සංශෝධනය කෙරේ

නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා කටයුතු කරයි. නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.


මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත. නව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වන්නේ කබීර් හෂීම් මහතාය. මේ අතර ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතාට නව අමාත්‍යංශයක් එක්වී ඇති අතර ඒ අනුව විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසද ඒ මහතා කටයුතු කරනු ඇත. රවීන්ද්‍ර සමරවික්‍රම මහතා වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. පියසේන ගමගේ මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසට පත් කර ඇත. අජිත් පී. පෙරේරා මහතා බන්ධනාගාර හා පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී අලවතුවල මහතා පත් කර තිබේ. හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.