Social Icons

facebookrss feedemailtwitter

Friday, February 23, 2018

කැබිනට් මණ්ඩල සංශෝධනය අද සිදුවන ලකුණු

අද (23) දිනයේදී කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදුවිය හැකි බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



කවුරුන් හෝ ආණ්ඩුවක් පිහිටු වීමට මන්ත්‍රීවරු 116 ක් සිටිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ කුමන් පක්ෂයක් වුවත් බහුතරයක් පෙන්විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය‍. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය ලබා දෙන්නේ ද යන්න පිළිබඳ කථානායකවරයා තීරණය කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.