Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 22, 2018

මියුනිච් ආරක්ෂක සමුළුව ඇරඹේ

54 වැනි මියුනිච් ආරක්ෂක සමුළුව ලොව පුරා රටවල් රැසක 500 ට අධික නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. ඒගෝලීය ආරක්ෂක කරුණු සාකච්ඡා කිරීමේ අරමුණෙනි.ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ අනාගත භූමිකාව සහ ඒ හා සම්බන්ධ අමෙරිකාවේ හා රුසියාවේ සබඳතා පිළිබදව සාකච්ඡා කෙරේ. ජාතිකවාදය හා ආරක්ෂණවාදය හමුවේ මධ්‍යස්ථ ජාත්‍යාන්තර නියෝග ක්‍රියාත්මක කිරීම මෙන්ම අත්ලාන්තික් සාගරයේ අස්ථාවරත්වය යන කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.


මැදපෙරදිග අර්බුදය, ගල්ෆ් රටවල පළුදු වු සබඳතා, අප්‍රිකාවේ දේශපාලන ප්‍රවණතා මෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අර්බුධය යනාදිය පිළිබදව ද මෙම සමුළුවේදී සාකච්ඡා කෙරිණ. යුනිච් ආරක්ෂක සමුළුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ Wolfgang Ischinger මහතාය.