Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 22, 2018

ජල විදුලි නිෂ්පාදනයට කෘතීම වැසි

ජල විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා කෘත්‍රිම වැසි ඇති කිරීමේ හැකියාව පිළිබද සොයා බැලේ. තායිලන්තය සමඟ එය ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇත. මෙරට විදුලි නිෂ්පාදනයෙන් 40% කට අධික ප්‍රමාණයක් ජලය මගින් නිශ්පාදනය කෙරේ. පවත්නා වැසි රහිත කාලගුණය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට ජලය සපයා ගැනීම දිනෙන් දින ගැටලුවක් වෙමින් පවතී.


මේ පිළිබඳ අවධානය යොමු කරමින් කෘත්‍රිම වැසි ඇති කිරීම පිළිබඳ තායිලන්තයේ සහාය ලබා ගනිමින් විශේෂ සමුළුවක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණ.