Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 4, 2018

නයිල් නදිය නිසා ඊජිප්තු ගායිකාවකට මාස 06 ක සිර දඬුවමක්

නයිල් නදිය පිළිබද ප්‍රසිද්ධියේ විහිළුවක් සිදුකළ ඊජිප්තු ගායිකාවකට මාස 06 ක සිර දඬුවමක් නියමවී තිබේ. ඒ ෂෙරීන් අබ්දෙල් වහාබ් නම් ජනප්‍රිය ඊජිප්තු ගායිකාවකටය. ඇයට විරුද්ධ චෝදනාව වන්නේ, නයිල් නදියේ පිරිසුදුබව පිළිබද ඇය ප්‍රසිධියේ දැක්වූ අදහසවේ. පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඇය පවසා ඇත්තේ, නයිල් නදියේ ජලය ඉතා අපිරිසුදු බවය. එමෙන්ම එම ජලය පානය කිරීමෙන් රෝගී වන බවත්ය. ෂෙරීන් කළ ප්‍රකාශය නයිල් නදියට කළ අවමානයක් බව, ඊජිප්තු රජය මෙන්ම අධිකරණය ද තීරණය කර ඇත.




ලොව දිගම ගංගාව වන්නේ, නයිල් නදියය. නයිල් ශිෂ්ටාචාරය බිහිවූයේ ද නයිල් නදිය කේන්ද්‍රකර ගනිමින් වන අතර නයිල් නදිය වර්තමානයේ ආකර්ෂණීය සංචාරක ස්ථානයක් ද වේ.