Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

රට තුළ දින 10කට හදිසි නීතිය පැනවීමට රජය තීරණය කරයි

කැබිනට් මණ්ඩලය එම තීරණය එළඹි බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය. අදාළ ගැසට් නිවේදනය (6) නිකුත් කෙරෙන බවද ඔහු කීවේය. තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. මේ අතර රට තුළ ජාතිවාදය ඇතිවන ආකාරයෙන් වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව හෙතෙම සඳහන් කළේය.