Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 4, 2018

වරායෙන් 2017 දී වාර්තාගත ලාභයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතිහාසයේ වැඩිම ලාභය වන රුපියල් බිලියන 13.2 ක ලාභයක් ඉකුත් වසරේ වාර්තා කර ඇතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි. 2016 වසරේ අධිකාරිය ලැබු ලාභය රුපියල් බිලියන 10 ක් වන බැවින් ඉකුත් වසරේ ලාභය සුවිශේෂි වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.


වරාය අධිකාරියේ 2017 සමස්ත වියදම රුපියල් මිලියන 30,190 ත් බවත් එය 2016 වසරේ තිබු වියදම වන රුපියල් මිලියන 33,005 සමඟ සසඳන විට රුපියල් මිලියන 2815 ක් වියදම් අඩුවීමක් වේ.