Social Icons

facebookrss feedemailtwitter

Monday, March 5, 2018

රුසියාව ලබා දුන් පැය 5ක සටන් විරාම කාලය වැඩි විය යුතුයි

රුසියාව ඉදිරිපත් කළ පැය පහක සටන් විරාම සැලැස්ම තවදුරටත් වර්ධනය විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය 01 වැනි දා ප්‍රකාශ කළේය. නැගෙනහිර ගූථා ප්‍රදේශයේ සිවිල් වැසියන්ට ආහාර, ඖෂධ සහ අනෙකුත් ආධාර සැපයීම, මුදා ගැනීමේ කටයුතු අවස්ථාව සලසා දීමට නම් රුසියාව ඉදිරිපත් කළ දිනකට පැය පහක සටන් විරාම සැලැස්ම තවදුරටත් සකස් විය යුතු යැයි ද පැය ගණන වැඩි විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.


 
පැය පහක සටන් විරාම සැලැස්ම සිරකරුවන් හුවමාරු කරගැනීමට සම්බන්ධ නොවන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේය.  මේ අතර දින 30 සම්පූර්ණ සටන් විරාම කාලයක් වෙනුවෙන් ගෙන යන සටන කිසිදු අවස්ථාවකදී අත් නොහරින බව සිරියාව වෙනුවෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ ස්ටෙෆාන් දි මිස්ථූරා පසුගිය 28 වැනි දින පැවැසීය. 

දින 30කට සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වුවත් එය නිසි පරිදි ක්‍රියාත්මක වී නැතැයි ද වාර්තා වේ. මානූෂීය අර්බුද සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති හමුවේදී රටවල් 23ක් නියෝජනය කරමින් සහභාගී වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් “සිවිල් වැසියන් ආරක්ෂා කරගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත් වී ඇතැයි” ප්‍රකාශ කර ඇතැයි ද තවදුරටත් වාර්තා විය.