Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

තාවකාලික සැළසුම් ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව පලස්තීනය අවධාරණය කරයි

පලස්තීන අර්බුදය විසඳා ගැනීමට තාවකාලික සැළසුම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පලස්තීනය විරෝධය පළ කරයි. පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා ප්‍රමුඛ පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක කමිටුව එරටේ Ramallah නගරයේදී රැස්වීමක් පැවැත්වීය. ඉන් අනතුරුව, නිවේදනයක් නිකුත් කර තිබේ.



පසුගිය 20 වැනි දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පැවැත්වූ පලස්තීන අර්බුදය පිළිබඳ රැස්වීමේදී Mahmoud Abbas ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ ජාත්‍යන්තර නීතිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණයට අනුව පලස්තීන අර්බුදය පිළිබඳ ජාත්‍යන්තර රැස්වීමක් පවත්වන ලෙසයි. එමෙන්ම 1967 වසරේ නියම කළ දේශසීමා මායිම් හී නැගෙනහිර ජෙරුසලම අගනුවර ලෙසට ගනිමින් ස්වාධීන පලස්තීනය පිහිටුවීමේ අරමුණ ඉටු කළ යුතුය. මෙය පලස්තීනයේ ස්ථිර ආකල්පයක් බව නිවේදනයෙන් පෙන්වා දී ඇත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රිම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර වශයෙන් පිළි ගන්නා බව කළ ප්‍රකාශයට විරෝධය පළ කරන්නැයි එරට විමුක්ති සංවිධානයේ විධායක කමිටුව පැවැත්වූ රැස්වීමේදී යළි අවධාරණය කළ බව ද එම නිවේදනයේ සදහන් වේ.