Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

ඊශ්‍රායල් - පලස්තීන සාම ක්‍රියාවලියේ ජාත්‍යන්තර අවධානය

ඊශ්‍රායලය සමග වන සාම ක්‍රියාවලියේ ජාත්‍යන්තර ප්‍රවර්ධනය ඉහළ ගොස් ඇතැයි පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා පවසයි. ස්වාධින පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමෙන් අනතුරුව ඊශ්‍රායලය සමග වන සාම ක්‍රියාවලිය අවසන් වනු ඇතැයි හෙතෙම පවසා ඇත. පසුගිය පෙබරවාරි මාසයේ අමෙරිකාව ප්‍රකාශ කළේ ලබන මැයි මාසයේදී ඊශ්‍රායලයේ පිහිටි තම තානාපති කාර්යාලය ජෙරුසෙලම් නගරයට රැගෙන යාමට තීරණය කර ඇති බවය.


කෙසේ වෙතත් පසුව පලස්තීනය ප්‍රකාශ කළේ අමෙරිකාව ඊශ්‍රායලය කෙරෙහි දක්වන පක්ෂපාති ආකල්ප හේතුවෙන් අමෙරිකාව ඊශ්‍රායල්- පලස්තීන සාම ක්‍රියාවලියට අනුග්‍රාහක‍යෙක් නොවන බවයි.