Social Icons

facebookrss feedemailtwitter

Monday, March 12, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජපානයේ නිල සංචාරයක් අරඹයි

ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 12 වැනි දින සිට 17 වැනි දින දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ. මාර්තු මස 13 වැනි දින ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත බව පැවසේ. මාර්තු මස 14 වැනි දින අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතා මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.


නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව වැදගත් උපාය මාර්ගික තීරණ වලට එළබීමට බලාපොරොත්තු වන බව පැවසේ. සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා) අතර ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත වේ. ජපන් විදේශ වෙළෙඳ සංවිධානය (ජෙට්රෝ) විසින් සංවිධානය කරනු ලබන ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ තෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සම සත්කාරකත්වය දරන ව්‍යාපාරික රැස්වීමකට ද ජනාධිපතිතුමා සහභාගී වේ. එමෙන්ම සංචාරය අතරතුරදී එරට සිටින ශ්‍රී ලාංකික ජනතාවද මුණගැසීමට ද ජනාධිපතිතුමා බලාපොරොත්තු වේ.