Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

රුසියානු ගුවන් යානයක් සිරියාවේදී අනතුරට

රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සිරියාවේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 39 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 33 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිටි බවය. යානය සිරියාවේ Hmeymim ගුවන් කඳවුරට ගොඩබාන අතරතුර එය කඩා වැටීමෙන් අනතුර සිදුව තිබේ.


ඊට ප්‍රහාරයක් එල්ල නොවු බවත්, කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය. එම නිවේදනයේ සඳහන් වන්නේ මේ පිළිබදව සොයා බැලීම සඳහා විමර්ශන කොමිසමක් පත් කළ බවයි.



ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරෙහිව සටන්වැද සිටින සිරියානු හමුදා‍වන්ගේ සහාය සඳහා මේ දිනවල රුසියාව සිරියාවේ Hmeymim ගුවන් කඳවුර භාවිත කරන බව වාර්තා වේ.