Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

ඉතාලි මහ මැතිවරණය ඇරැඹේ

කාලයක් පැවැති දේශපාලන හා ආර්ථිකය අර්බුදය නිමා කිරීමේ අරමුණින් ඉතාලි ජාතිකයින් විශාල පිරිසක් පසුගිය 04 ඡන්දය භාවිත කළහ. සංක්‍රමණික අර්බුද, විරැකියාව ආදී දැඩි ආර්ථික අර්බුද යනාදි කරුණු මධ්‍යයේ ඉතාලි මහ මැතිවරණය පැවැත් විය.



මැතිවරණයෙන් හිටපු අගමැති සිල්වියෝ බාර්ලුස්කෝනිගේ මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන්න සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි අනාවැකි පළ වුවද ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට නොහැකි වනු ඇතැයි පැවසේ. මැතිවරණයට ඉදිරිපත්ව සිටින විශාලතම තනි පක්ෂය “5 ස්ටාර් ව්‍යාපාරය” පක්ෂයය වන අතර දරිද්‍රතාවට සහ දූෂණයට එරෙහිවීම ඔවුන්ගේ ප්‍රමුඛතම සටන් පාඨය වී තිබේ. මධ්‍ය වාමාංශික පක්ෂයක් වන වත්මන් පාලක ඩිමොක්‍රටික් පක්ෂය මැතිවරණයෙන් තෙවැනි තැනට පත්වනු ඇතැයි පැවසේ.