Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 4, 2018

දූෂණ හා වංචා සම්බන්ධ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම කමිටුවක්

දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරලීම සඳහා අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කර ඇත. අග්‍රාමාත්‍යවරයා මේ තීරණයට එළැඹියේ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදීය.



එම කමිටුවට වෛද්‍ය රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පී. පෙරේරා යන අමාත්‍යවරුන් ඇතුළත් වේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම කමිටුවේ ලේකම් ධූරය දරනු ඇත.  

දූෂණ හා වංචා මැඬලීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ලබා දී තිබූ වාර්තාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ. අපරාධ යුක්තිය පිළිබඳව විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් හා තලතා අතුකෝරළ හා සාගල රත්නායක යන ඇමතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලදී.

අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ මත්ද්‍රව්‍ය වැටලීම් හා සංවිධිත අපරාධ මැඩලීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරමින්, අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවය.