Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

වයි-ෆයි වලින් ඩුබායි ගුවන් තොටුපල පළමු තැනට

ලෝකයේ නොමිලේ වයි-ෆයි අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් අතරින් ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපල පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත.


අන්තර්ජාල වේග පරීක්ෂණ සහ විශ්ලේෂණ ආයතනයක් වන ඕක්ලා සමාගම ගුවන් තොටුපලවල් ආශ්‍රීතව සිදුකරන ලද ස්වාධීන අන්තර්ජාල වේග පරීක්ෂණය වාර්තාවකින් මේ පිළිබඳ හෙළි වී ඇති බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය. මාර්තු මාසයේදි ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපල ඔවුන්ගේ වයි-ෆයි පද්ධතිය විනාඩියකට මෙගා බයිට් 100ක දත්ත වේගයක් පවතින ආකාරයෙන් නවීකරණය කිරීමත් සමගම ලෝකයේ වයි-ෆයි අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් අතරින් පළමු ස්ථානයට පත්වීමට ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපලට හැකි විය.


දකුණු කොරියාවේ අගනුවර පිහිටි සෝල් අන්තර්ජාතික ගුවන්තොටුපල වේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් දහය අතරින් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර download වේගය විනාඩියකට මෙගා බයිට් 26.52ක් වන අතර upload වේගය විනාඩියකට මෙගා බයිට් 32.76ක් වේ. ජපානයේ ටෝකියෝ අන්තර්ජාතික ගුවන්තොටුපල වේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් දහය අතරින් තුන්වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර download වේගය විනාඩියකට මෙගා බයිට් 18.28ක් වන අතර upload වේගය විනාඩියකට මෙගා බයිට් 21.89ක් වේ.