Social Icons

facebookrss feedemailtwitter

Monday, March 12, 2018

ඊශ්‍රායල අගමැතිට ඉවත් වන්නැයි බලපෑම්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්නියාහුට එරෙහි විරෝධතා රැලියක් එරට ටෙල් අවීව් නුවරදී පැවැත්විණි. පන්සියයකට වැඩි විරෝධතාකරුවෝ පිරිසක් එම රැලියට එක්වූහ. අගමැතිවරයාට ධුරයෙන් වහා ඉවත්වන්නැයි බලපෑම් එල්ල වී ඇත්තේ ඔහුට දූෂණ චෝදනා එල්ල වී ඇති නිසාය.


එම චෝදනා සම්බන්ධයෙන් අගමැතිවරයාට එරෙහිව විමර්ශන පැවැත්වෙයි. අගමැති බිරිය පවා ප්‍රශ්න කිරීම්වලට ලක් වූ අවස්ථා වාර්තා වේ. නමුත් ඊශ්‍රායල අගමැතිවරයා පවසා ඇත්තේ තමන්ට එරෙහිව එල්ල වන චෝදනා පදනම් විරහිත බවයි. එම නිසා තමන් එම චෝදනා මුල්කොට ගනිමින් තමන් ධුරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන නොවන බවයි.