Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 13, 2018

ඇමරිකා-උතුරු කොරියා නායක හමුව ජගත් ප්‍රජාවේ සක්‍රිය ඇගයීමට ලක් වේ

එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ අදාළ තීරණවලට අනුව විවිධ පාර්ශ්වයන් කොරියානු අර්ධද්වීපයේ නිර්න්‍යෂ්ටිකකරණය සාක්ෂාත් කිරීම සඳහා දරන උත්සාහයන්ට තමා අනුබල දෙන බව එක්සත් ජාතින්ගේ මහ ලේකම් António Guterres මහතා සිය ප්‍රකාශකයා මගින් නිවේදනයක් පළ කරමින් පැවසීය.

බ්‍රිතාන්‍ය විදේශ ඇමති Boris Johnson මහතා  මාධ්‍ය මගින් ලිපියක් පළ කරමින් එම හමුව කෙරෙහි ප්‍රසාදය දක්වා ඇත. ප්‍රංශ ජනාධිපතිවරයා පසුගිය 9 වැනි දා ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ දුරකථනයෙන් පැවත්වූ සාකච්ඡාවේදී එම හමුව අගය කළ බව ප්‍රංශ ජනාධිපති මන්දිරය ප්‍රකාශ කළේය.