Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 6, 2018

ලොව උසම හෝටලය ඩුබායි රාජ්‍යයෙන්


ලොව උසම ගොඩනැගිල්ල ඉදිකල ඩුබායි රාජ්‍යය ලොව උසම හෝටලයද ගොඩනගා විවෘත කර තිබේ. මෙම හෝටලය තරු 4 හෝටලයක් ලෙස නම් කර ඇත. ඩුබායි රාජ්‍යය නිර්මාණය කල බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ මේ වනවිට නිවාස සංකීර්ණද ගොඩනගා තිබේ.  කෙසේ නමුත් මෙලෙස නිර්මාණය කර නව හෝටලය උසින් මීටර 356ක් බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. 



එම හෝටලය නම් කර ඇත්තේ ගෙවෝරා ලෙස වන අතර මෙය නිර්මාණය කිරීම සඳහා වසර 4කට ආසන්න කාලයක් ගතවී තිබේ.  මෙම නව හෝටලයත් සමඟ ලොව උසින් වැඩිම හෝටලයට මීට පෙර හිමිකම් කියූ මීටර 355කින් සමන්විත JW මැරියට් හෝටලය දෙවන ස්ථානයට පත්ව තිබේ.  එම හොටලයද පිහිටා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ වීම විශේෂත්වයකි.  පසුගියදා විවෘත කල මෙම නව හෝටලය තුල කාමර 600ක් ඇති බව වාර්තා වේ.