Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

නවසීලන්තයේ සාවුන් මර්දනයට විශේෂ වෛරසයක්

සාවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. රටේ සමහර ප්‍රදේශ වල වසංගතයක් ලෙස සාවුන් වැඩිවන්නට පටන්ගෙන ඇති බව පැවසේ. “රැබිට් හිම්මරොජික් ඩිසීස් වෛරස්” ලෙස නම්කර ඇති මෙම වෛරසය එම ප්‍රදේශ වලට නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීහු පවසති. 


කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් මෙම ක්‍රියාව අගය කලද බොහෝදෙනකු මේ සම්බන්දව විරුද්ධත්වය පල කර ඇත. 1930 වර්ෂයේ නවසීලන්තයට මෙම සාවුන් හඳුන්වා දී තිබේ.  අද වන විට තෘණ භූමි උලා කෑමෙන් හා වගා බිම්වල බෙන හෑරීමෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කරදරකාරී සතකු බවට පත්වී ඇති බව පැවසේ. මේ හේතුවෙන් වාර්ෂිකව බොහෝ පාඩු සිදුවන බව පැවසේ. අනෙක් සතුන්ට මෙම වෛරසයේ බලපෑමක් නැති අතර මෙය ශරීර ගතවී දින කිහිපයකින් සාවුන් මරණයට පත්වන බව සඳහන් වේ.