Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

සිරියාවට රතු කුරුසයෙන් සහනාධාර

සිරියාවේ ගැටුම් පවතින ගූටා ප්‍රදේශයට සහනාධාර රැසක් සාර්ථකව යැවීමට හැකි වූ බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසයි. ඒ අනුව, සහනාධාර රැගත් ලොරි රථ 15 ක් එම ප්‍රදේශයට පිටත් කර යැවූ බවයි ඔවුන් සඳහන් වන්නේ.

මේ අතර, සිරියානු රජයේ හමුදාව සහ කැරළි කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් හමුවේ පසුගිය සති කිහිපය තුළ පමණක් සිවිල් වැසියන් 900 දෙනෙකු  පමණ මියගොස් ඇති බව සඳහන් වේ. සාමාන්‍ය වැසියන් ප්‍රදේශයෙන් පලායාම වැලැක්වීමට සටන්කාමීන් උත්සාහ දරමින් සිටින බවත් ඔවුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදේ.