Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

දිවි ඇති තෙක් ධුරය දැරීමට චීන ජනපතිට අනුමැතිය හිමිවේ

චීන ජනාධිපතිවරයෙකුට ජීවිතකාලය තෙක් ධුරයේ රැඳී සිටීමට හැකි වන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එරට කොංග්‍රසය අනුමැතිය ලබාදී ඇත. ඒ, චීන ජනාධිපතිවරයෙකුට ධුරයේ රැඳී සිටිය හැකි වාර ගණන ඉවත් කිරීමට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව සිය ජීවිත කාලය අවසන් වන තෙක් වර්තමාන ජනාධිපති ෂී ජිං පිං මහතාට සිය ධුරයේ රැඳී සිටීමට හැකියාව හිමි වේ. චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සම්මේලනයේ දී මෙම නව ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර තිබේ. 2959 දෙනෙකුගෙන් සමන්විත සාමාජික පිරිසකගේ ඡන්දයෙන් මෙම සංශෝධනය අනුමත වී ඇති බව පැවසේ.


පිරිසිඳු සහ අවංක දේශපාලන පරිසරයක් පවත්වා ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. නීතියේ පාලනය මත ක්‍රියාකරන ලෙසට ද හෙතෙම ප්‍රධාන නිලධාරීන්ට දැනුම් දෙයි.

චීන‍ කොමිනියුස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු මහ ලේකම් මෙන්ම මධ්‍යම යුධ කොමිසමේ සභාපතිවරයා ද වන ෂී ජින් පිං මහතා දේශපාලන පරිසරය සවභාවික පරිසරය හා සසඳමින් කියා සිටියේ දේශපාලන පරිසරයද ඉතා පහසුවෙන් දූෂණය විය හැකි බවය. එය යළි පුනරුත්ථාපනය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බව 13 වන ජාතික මහජන කොංග්‍රසයේ  චොන්චින් මහ නාගරික ප්‍රදේශයේ නියෝජිතයන් සමඟ සැසිවාරයට පරිබාහිරව පැවති සාකච්ඡාවකදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. නිලධාරීන් තමන් මෙන්ම තම සම්පූර්ණ පවුලද පිරිසිඳු ව තබා ගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය. මෙම සාකච්ඡාවට සෙසු නායකයන් වන ලී ක ච්‍යන්, ලී චන් ෂු, සහ  චඕ ලී ජී යන මහත්වරුද ‍එක්වූහ.