Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

යුද සාමාජිකයන්ට වෙබ් අඩවි භාවිතා කිරීමේ දී නියෝග මාලාවක්

යුද හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඞ්න් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම් කරමින් ඡායාරූප ඇතුළත් කිරීම තහනම් කොට ඇති බව යුද හමුදා මූලස්ථානය කියයි. යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් එම නියෝගය ලිපි මගින් සියලුම කඳවුරු වෙත යොමුකර ඇති බව උසස් නිලධාරියෙක් පැවසීය.


එම නියෝගවලට ප්‍රකාරව සියලුම යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා භාවිතා කිරීමේ දී ස්වකීය නිල නාමය ඇතුළු හමුදා අනන්‍යතා තොරතුරු හෙළි කිරීමෙන් වැළකිය යුතු අතර නිල ඇඳුම, හමුදා උපකරණ, ආයතන, පෙන්නුම් කරමින් පැතිකඩ ඡායාරූප හෝ පසුතල ඡායාරූප භාවිතා කිරීමෙන් වැළකිය යුතු බව ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.