Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

FaceBook සමාගම Explore Feed උපාංගය ඉවත් කරගනී

FaceBook සමාගම පසුගිය නොවැම්බර් මාසයේදි හඳුන්වා දුන් Explore Feed නම් අමතර උපාංගය ඉවත් කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව , බොලීවියාව, කාම්බෝජය, ගෝතමාලාව , සර්බියාව , ස්ලොවේස්ලැකියාව යන රටවල් සඳහා එම අමතර උපාංගය හඳුන්වා දී තිබිණි.


ෆේස්බුක් ආයතනය මෙම උපාංගය අත්හදා බැලිමක් වශයෙන් හඳුන්වා දී තිබු අතර ෆේස්බුක් ගිණුම් හිමිකරු විසින් සිය කැමැත්ත පළ කර ඇති ෆේස්බුක් පිටු විසින් පළ කරන තොරතුරු මෙම Explore Feed උපාංගය තුළ ඇතුළත් විය. මෙම උපාංගය කෙරෙහි එතරම් සතුටුදායක ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම උපාංගය ඉවත් කරන බව ෆේස් බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීය. ඒ අනුව පෙර පරිදි ෆේස්බුක් ඔස්සේ පළවන තොරතුරු News Feed ඔස්සේ දැක ගැනීමට ෆේස්බුක් ගිණුම් හිමියනට හැකි වේ.