Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

කිලුවෙයා වසර 10 කට පසු සක්‍රීය වේ

හවායි දූපත්හි පිහිටි කිලුවෙයා ගිනි කන්දෙන් ලාවා නිකුත් වීම ආරම්භ වී තිබේ. එම දසුන් කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 2016 ඔක්තෝබර් මාසයෙන් පසුව කිලුවෙයා ගිනි කන්ද විධාරණය වූ පළමු අවස්ථාව මෙයයි.

පසුගිය ඉරිදා දින සිට ඉන් ලාවා සහ අළු නිකුත් වෙමින් තිබෙන බව විදෙස් වාර්තාවල දැක්වෙයි. ගිනි කන්දෙන් ලාවා නිකුත් වීම ඉතා ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂකයින් පවසයි. වසර කිහිපයක් අක්‍රීයව තිබූ කිලුවෙයා ගිනිකන්ද  මින් වසර 10කට පෙරදී සක්‍රීයවීමෙන් අනතුරුව සිදුවූ විශාලතම විධාරණය මෙය බවත් සඳහන් වෙයි.