Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

2018 රාජ්‍ය වෙසක් සතිය ඇරඹේ

“වෙසක් සතිය” අප්‍රේල් මස 26 වැනි දින සිට මැයි මස 02 වැනි දින දක්වා දක්වා පැවැත් වෙන බව රජය ප්‍රකාශ කරයි.

“දැමුණු සිත සුව ගෙන දේ” (චිත්තං දන්තං සුඛාවහං) යන්න මෙවර වෙසක් සතියේ තේමාව වන අතර, සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනු වස් ගමේ පන්සල ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් ප්‍රඥාවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක්, එහි අරමුණ වේ. ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් මෙවරත් රට පුරා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවේ.