Social Icons

facebookrss feedemailtwitter

Monday, April 23, 2018

ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය 24 කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය. එම සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමෙන් අනතුරුව අමාත්‍යාංශය දිනකට රුපියල් මිලියන 38ක අතිරේක පාඩුවක් ලැබූ බව සදහන්. මෙම තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවිය යුතු බවට ඔවුන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබිණි. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව මිල සූත්‍රයක් සකස් කිරීමට පියවර ගත් අතර, එය මේ වන විට සකස් කර අවසන් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ලෝක වෙළෙදපලේ පවතින ඉන්ධන මිල හමුවේ මෙම මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව මාස දෙකකට හෝ තුනකට වරක් මිල සංශෝධනයක් සිදුවිය හැකි බව සඳහන් වේ. ඒ අනුව ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිලෙහි ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව ද මුදල් අමාත්‍යාංශය අනතුරු අගවයි.