Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

6 වැනි ඉන්දීය සාගර නාවික හමුදා සමුළුව ඇරඹේ

ඉරානයේ Tehran නගරයේ දී 23 වැනි දින ආරම්භ වූ මෙම සමුළුව සඳහා රටවල් 35 කින් පැමිණි නාවික හමුදා නිළධාරිහූ සහභාගී වී සිටියහ. ඉරාන සන්නද්ධ බලකායේ ප්‍රධාන අණදෙන නිළධාරිවරයා එහිදී පැවසුවේ ඇමරිකාව විවිධ ප්‍රදේශවලදී, විශේෂයෙන්ම බටහිර ආසියාවේදී නොසන්සුන් තත්ත්වයන් ඇති කරමින් සිටින බවයි.

ඉරානය කිසිදාක ඇමරිකාව හෝ එහි හවුල්කරුවන්ට යටත් නොවනු ඇති. ඉන්දීය සාගරය ආශ්‍රිත විවිධ රටවල් අතර පවතින සහයෝගීතාව එම කලාපයේ ආරක්ෂාවට වැදගත් වනු ඇති. ඉරානය හා එහි නාවික හමුදාව කලාපයේ විවිධ රටවල් සමග එක්ව සුහදශීලිව සහයෝගීතාවන් පැවැත්වීමට කැමත්තෙන් පසුවන බවද ඉරාන සන්නද්ධ බලකායේ ප්‍රධාන අණදෙන නිළධාරියා එහිදී කියා සිටියේය.