Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

නියමිත කාලයට පෙර ඡන්දයකට යෑමට තුර්කි ජනපති තීරණය කරයි

ලබන වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ තූර්කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඊට පෙර පැවැත්වීමට ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩොගන් තීරණය කරයි. එළැඹෙන ජූනි 24 වැනි දා මෙම මැතිවරණ පැවැත්වෙනු ඇත.

2002 වසරේ දී බලයට පත් වූ තූර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩොගන් පසුගිය වසරේ ජනමත විචාරණයකින් තවත් වසර පහක් සඳහ පාලන වරම් හිමි කර ගත්තේය. එහෙත් ඒ අතර ජාතික මිත්‍ර පාර්ශ්වයන් ගේ යෝජනාවන්ට අනුව නියමිත කාලයට පෙර මැතිවරණයකට යන අදහස පැමිණි බව ඔහු පවසයි.

පැරණි ක්‍රමයේ රෝග වලින් නිදහස් වීම සදහා රටට නව මැතිවරණයක් අවශ්‍ය බව ඔහු සඳහන් කරයි. සිරියාවේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් තම රට තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා වහාම පියවරක් ගත යුතු බවත් නව විධායක ක්‍රමයක් මඟින් රටේ අනාගතය සුරක්ෂිත කළ යුතු බවත් එර්ඩොගන් වැඩි දුරටත් පවසයි.