Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

ලෝක ප්‍රකට සංගීතඥයෙකු වු ඇවිසි සමුගනී

ලෝක ප්‍රකට සංගීතඥයකු වන ටිම් බර්ග්ලින්ග් හෙවත් ඇවිසි බර්ග්ලින්ග් මිය ගොස් තිබෙනවා. ස්වීඩන් ජාතික 28 හැවිරිදි  බර්ග්ලින්ග්ගේ මරණයට හේතුව මෙතෙක්  හෙලි වී නැහැ.

ඔහු ඕමානයේදී මිය ගිය බවයි වාර්තා වන්නේ. 2014 වසරේදී ඔහුට ශල්‍යකර්ම පවා සිදු කර ඇති  අතර අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් 2016 වසරේදී විදෙස් ප්‍රසංග වලට සහභාගි වීම පවා ඔහු නතර කර තිබිණ.


ලෝකයේ ධනවත්ම සංගීත සංයෝජකයන් අතරින් බර්ග්ලින්ග්ට  හිමි වන්නේ හය වන ස්ථානයයි.