Social Icons

facebookrss feedemailtwitter

Friday, April 20, 2018

ලොව වයස්ගතම පුද්ගලයා ජපානයෙන් ගිනස් පොතට

ජපානයේ හොකයිඩෝහි ජීවත් වන මසාඔ නොනකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා පොතට අද සිය නම එක් කළේ ය. 1905 වර්ෂයේ ජුලි 25 වන දා උපත ලබා ඇති නොනාකා මේ වනවිට ගත කරන්නේ, සිය 112 වැනි වසරය.
දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකු වන නොනකාගේ ජීවිකාව ගොවිතැනය. පිරිසිදු උණුසුම් උල්පතක ගිලි සිටීම, නොනාකගේ දින චර්යාවේ එක් අංගයක් වන අතර ඔහු පැණි රස ආහාරවලට දැඩි ඇල්මක් ද දක්වන බව සඳහන් කර ඇත.