Social Icons

facebookrss feedemailtwitter

Tuesday, April 24, 2018

නිරුවතින් පැමිණි පුද්ගලයා කළ වෙඩි තැබීමෙන් සිව්දෙනෙකු මරුට

අමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ අවන්හලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ටෙනෙසි ප්‍රාන්තයේ පිහිටි වොෆල් හවුස් අවන්හලට නිරුවතින් ඇතුළුවූ පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පැවසේ.

එම පුද්ගලයා අත අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් තිබී ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔහු ට්‍රැවිස් රියින්කින්ග් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනා ගෙන ඇති බව පොලිස් වාර්තාවල දැක්වෙයි. අමෙරිකාවේ බොහෝ වෙඩි තැබීම් සඳහා යොදාගෙන ඇත්තේ මෙම පුද්ගලයා අත තිබූ වර්ගයේ රයිෆල් තුවක්කු වන අතර පසුගිය ඔක්තෝබරයේ ලාස්වේගස් හි සිදුවූ වෙඩි තැබීම මෙන්ම ෆ්ලොරිඩාහි පාසැලක සිදු කල වෙඩි තැබීම සඳහා මෙම වර්ගයේ රයිෆල් තුවක්කු යොදාගෙන ඇති  බව පොලිස් වාර්තා වැඩිදුරටත් අනාවරණ කළේය.