Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

ගුවන්යානයක පිපිරීමකින් කාන්තාවක් විසිවී මියයි

ගමන අතරේ ගුවන්යානයේ එන්ජිමේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් එහි ගමන් කරමින් සිටි කාන්තාවක් මගී ගුවන් යානයේ කවුළුවකින් පිටතට විසවී කාන්තාවක් මියගිය දුර්ලබ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා විය.


සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් මෙම යානය පිපිරීම හේතුවෙන් කවුළුවකට, තටුවලට හා ඉන්ධන ගබඩාවට සිදුවූ හානි සහිතව හදිසියේ ෆිලඩෙල්ෆියාවට ගොඩ බස්වා තිබිණි. එන්ජිමේ පංකාවක පෙත්තක්ද විසිවී ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී සොයාගෙන ඇත. අවසන්වරට ඇමෙරිකාවේ මගී ගුවන් යානයක් තුළ මගියෙක් මියගිය බවට වාර්ථා වුයේ 2009 වසරේදීය.