Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

රියදුරෙකු රහිත මෝටර් රථයක්

ස්විස්ටර්ලන්තයේ පැවැත්වුණ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේ දී රියදුරෙකු නොමැතිව ධාවනය වන මෝටර් රථයක් හඳුන්වා දීමට රෙනාල්ට් සමාගම කටයුතු කර තිබේ. ජංගම දුරකථනයට ස්ථාපනය කළ හැකි යෙදුමක් හෙවත් ඇප් එකක් මාර්ගයෙන් මෙම රථයට විධාන සැපයිය හැකි අතර නතර කළ යුතු ස්ථානය ආදි විධාන මෙම මෝටර් රථයට ලබා දිය හැකි බවයි රථය නිර්මාණය කළ ජර්මානු සමාගම පවසයි.

EZ-GO ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය විද්‍යුතයෙන් බලගැන්වෙන අතර පුද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා ද යොදා ගත හැකි ලෙසනිෂ්පාදනය කර ඇත. මගීන් 6 දෙනෙකුට ඉතා පහසුවෙන් ගමන්කළ හැකි වන පරිදි සහ මගීන්ට පහසුවෙන් රථයට පිවිසිය හැකි පිවිසුම් දොරටුවක් ද සහිතව මගීන්ට අවට පරිසරය හොඳින් දර්ශනය වන ලෙසයි මෙම රථය නිර්මාණය කර ඇත. මීටර් 5.2 ක දිගකින්, මීටර් 2.2 ක පළලකින් සහ මීටර් 1.6 ක උසක් සහිතව නිර්මාණය කර ඇති මෙම රථය කිලෝග්‍රෑම් 1700කි. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 50 ක් හෙවත් පැයට සැතපුම් 30 කි. මෙම රථය 2022 වසර වන විදීවල ධාවනය කිරීමට හැකි වනු ඇති බව රථයේ නිෂ්පාදකයෝ පවසති.