Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

කාබුල් අගනුවරට බෝම්බ ප්‍රහාර දෙකක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට අද (30) උදෑසන එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකෙන් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රධාන ඡායාරූප ශිල්පී ෂාහ් මරායි ඇතුළු 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ෂාහ් මරායි ප්‍රංශ පුවත් සේවයේ ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන ඡායාරූප මාධයවේදියා වන අතර, ඔහුට අමතරව ප්‍රහාරයෙන් තවත් ජනමාධ්‍යවේදීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ බව ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම ප්‍රංශ පුවත් සේවය ද තහවුරු කර ඇත.


බෝම්බ ප්‍රහාරවලින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පැවසේ. ප්‍රහාරවලින් තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවත් ඇතැම් විට මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා කරයි. බෝම්බ දෙකම පුපුරා ගියේ එකම ස්ථානයකය. පළමු බෝම්බයෙන් මිනිත්තු කිහිපයකට පසු දෙවැනි ප්‍රහාරය එල්ල විය. දෙවැනි බෝම්බ ප්‍රහාරය පළමු ප්‍රහාරය වාර්තා කිරීමට එම ස්ථානයට පැමිණ සිටි වාර්තාකරුවන් ඉලක්ක කරගනිමින් එල්ල වූ බව පොලිස් ප්‍රකාශක හෂ්මත් ස්ටැනික්සායි පැවැසීය. ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු අයි.එස් සංවිධානය එහි වගකීම බාරගෙන තිබේ.