Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 29, 2018

සෞඛ්‍ය සේවාව ඉහළ නංවන්න කියුබාවේ සහය

මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව කියුබාව ප්‍රකාශ කර තිබේ. කියුබාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවකට සහභාගී වී සිටින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ කියුබානු මහජන සෞඛ්‍ය අමාත්‍ය රෙබෙටෝ මොරාලේ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී කියුබානු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බව සඳහන්ය.

කියුබානු මහජන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ  ආරාධනාවකට අනුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම සාකච්ඡාවට එක්ව තිබේ. මෙහිදී ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෞඛ්‍ය  සේවාව ඉහළ නැංවීමට ගතහැකි පියවර රැසක් පිළිබඳව සාකච්ඡා වී ඇති බව සඳහන්ය.