Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 28, 2018

මෙරටදී පළමු වරට හමුවූ බ්ලැක් මැන්ඩි

දකුණු පළාතේ තංගල්ල රැකව ප්‍රදේශයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමකින් නවතම මත්ද්‍රව්‍ය විශේෂයක් වන “බ්ලැක් මෙන්ඩි” (BLACK MENDI) නැමැති මත්ද්‍රව්‍ය ලග තබා ගෙන සිටි විදේශීය ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබුණු විශේෂ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට පත් විදේශිකයා වයස අවුරුදු 36 ක් වන ඕස්ට්‍රියානු ජාතිකයෙකි. සාද සංවිධාන කිරීම ඔහුගේ වෘත්තිය බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදී ඔහු විසින් දිවයිනේ විවිධ පළාත්වල සාද සංවිධාන කර ඇති බවත්, විමර්ශනවලදී තහවුරු වී තිබේ.

මෙම සැකකරු ඕස්ට්‍රියාවේ සිට ශ්‍රී ලකාවට මෙම මත්ද්‍රව්‍ය රහසිගතව ගෙනවිත් බෙදාහරින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙක් බවත් අනාවරණය වී ඇත. ඔහු පොතුවිල් සහ දකුණු පළාතේ  ප්‍රදේශ කිහිපයක රාත්‍රී සාද සංවිධානය කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. මෙවර අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගය රුසියාවේ සිට සිය යට ඇදුම් තුළ සඟවාගෙන රැගෙනවිත් ඇතැයි හෙළිවේ.

අත්අඩංගුවට පත් අනෙකුත් ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 25 සීමාවේ පසුවන්නන් වන බව පැවසේ. ඔවුන් ඉතා තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් වන අතර, සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන් බවට ද හදුනාගෙන ඇත. “බ්ලැක් මෙන්ඩි” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 82ක ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් මෙහිදී සොයා ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය විශේෂය මෙරටදී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ද වේ. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 12ක් පමණ වන බව සදහන්.

මෙම මත්ද්‍රව්‍ය විශේෂය කිසියම් අයෙකු අධි මාත්‍රාවන්ගෙන් ගතහොත් සිහි විකල්වන බවයි, සුරාබදු නිළධාරින් පවසන්නේ. බ්ලැක් මැන්ඩි නම් මත්ද්‍රව්‍යය සියයට 100 ක් කෘත්‍රිමව නිපදවන්නකි. අත්අඩංගුවට පත් සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.