Social Icons

facebookrss feedemailtwitter

Tuesday, April 24, 2018

බ්‍රිතාන්‍ය රජ කිරුළ හිමි පස්වැන්නාත් බිහිවෙයි

කේට් මිඩ්ල්ටන් හෙවත්, කේම්බ්‍රිඩ්ජ් ආදිපාදවරිය අද සිය තුන් වන දරු උපත ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේ සිදු කරනු ලැබුවා. ඇය බිහි කළේ පුත් කුමරෙකි. විලියම් කුමරු, නැතිනම් කේම්බ්‍රිඩ්ජ් හි ආදිපාදවරයා ද, පුත් කුමරා බිහි වන අවස්ථාවේ එහි රැදී සිටි බවයි, කෙන්සිංටන් මාළිඟය නිවේදනය කළේ.

නව පුත් කුමරා බ්‍රිතාන්‍ය රජ කිරුළේ 05 වන උරුමකරු බවට පත්වේ. ඒ අනුව, ඇමරිකානු නිළියක වන මේඝන් මේකල් සමඟ ලබන මස විවාහ දිවියට එළඹෙන හැරී කුමරුට හිමි වන ස්ථානය 6 දක්වා පහත වැටෙනු ඇති. මේ අතර ලොව වයස්ගතම මෙන්ම වැඩිම කාලයක් රජ කිරුළ හොඹවන බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජිනගේ 92 වන ජන්ම දිනය පසුගියදා යෙදී තිබීමත් විශේෂත්වයක්.