Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

එජාපයේ ලොකු පුටුවලට අලුත් මුහුණු

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතා ද මහ ලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් තෝරා පත්කර ගැනේ.

පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් වුයේ අමාත්‍ය නවීන් දිසානායක මහතාය. මහා භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද තේරී පත්විය. මෙම තෝරා ගැනීම් සිදුවුයේ දේශපාලන උපදේශන මණ්ඩලයේ බහුතර කැමැත්ත අනුවය. පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද උප නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා ද දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් යළි තේරි පත් විය. මෙම තනතුරු පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනිමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි දේශපාලන උපදේශන මණ්ඩලය රැස් විණ.