Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 21, 2018

ස්වාසිලන්තය දැන් “ඊස්වාටිනි” ලෙස වෙනස් වේ

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 50ක් පිරීම නිමිත්තෙන් රටේ නම “ඊස්වාටිනි” යනුවෙන් නම් කරන බව ස්වාසිලන්තයේ රජු පසුගිය 19 වැනි දින නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

ලෝකයේ පූර්ණ රාජාණ්ඩු පාලනයක් සහිත රටවල් අතළොස්ස අතරින් එකක් වන ස්වාසිලන්තයේ නම මෙලෙස වෙනස් කිරීමට එරට රජු තීරණය කර තිබේ. “ඊස්වාටිනි” යන්නේ තේරුම “ස්වාසියේ ස්ථානය” යන්නයි. “ඊස්වාටිනි” එසේත් නැතිනම් ස්වාසිලන්තය දකුණු අප්‍රිකාව සහ මොසැම්බික් අතර පිහිටි භූමියෙන් වට වූ කුඩා භූමි ප්‍රදේශයකි. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ බොහෝ රටවල් එම අවස්ථාවලදී ඔවුන්ගේ රටවල නම වෙනස් කළත් වසර 60 කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය පාලනයේ සිටි ස්වාසිලන්තය 1968 දී නිදහස ලැබූ අවස්ථාවේදී ඔවුන්ගේ රටේ නම වෙනස් කිරීමට කටයුතු නොකළේය. මන්සිනි නගරයේ පැවැති නිදහස් දින උත්සවයේදී ස්වාසිලන්තයේ නම “ඊස්වාටිනි” යනුවෙන් නම් කරන බව එරට තුන්වැනි ම්ස්වාටි රජු නිවේදනය කළේය.