Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

මෙවර බෞද්ධ සම්මේලනය නේපාලයේ ලුම්බිණියේදී

2018 වසරේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය නේපාලයේ ලුම්බිණි හි දී පැවැත්වේ. 28 වැනි දින ආරම්භ වූ එම සම්මේලනය සඳහා චීනය, නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල බෞද්ධ සංගම් නියෝජියින්, බෞද්ධ ශ්‍රාස්තෘවරුන් සහ බැතිමතුන් දහසකට වැඩි පිරිසක් සහභාගිවී සිටියහ.

මෙවර සම්මේලනයේ ප්‍රධාන තේමාව වන්නේ “නේපාලයේ ලුම්බිණිය - බුදුන් වහන්සේගේ උපන් ගම, බුද්ධාගම සහ ලෝක සාමයේ උල්පත” යන්නයි. බුදුන් වහන්සේගේ උපන් ගම වන ලුම්බිණි ලොව පුරා ප්‍රචලිත කරමින් බුද්ධාගමේ හා ලෝක සාමයේ මධ්‍යස්ථානය බවට පත් කිරීමත්, ජාත්‍යාන්තර වශයෙන් බුද්ධ ශාසන හුවමාරු ඉදිරියට ගෙන යාමත්, මෙවර ජාත්‍යාන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන අරමුණු බව නේපාල සංස්කෘතික, සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය KRISHNA PRASAD DEVKOTA මහතා සම්මේලනයට එක් වෙමින් කියා සිටියේය.


ලුම්බිණියේ ඉදි කළ චීන විහාරය චීන බෞද්ධ සංගමය විසින් විදේශයක ඉදිකළ පළමු ජාතික මට්ටමේ බෞද්ධ විහාරය වේ. මෙවර ජාත්‍යාන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධානතම සම්මේලන භූමිය වශයෙන් චීන විහාරය යොදා ගැනීම විශේෂත්වයකි. ලෝකයේ විවිධ ශිෂ්ටාචාරයන්ට ගරු කරමින් ශිෂ්ට සම්පන්න හුවමාරු මගින් විවිධ සමාජයන් අතර පවතින වෙනස්කම් අවබෝධ කළ යුතු බව චීන බෞද්ධ සංගමයේ උප සභාපති, ලුම්බිණි චීන විහාරාස්ථානාධිපති Yin Shun ස්වාමින් වහන්සේ සම්මේලනයට එක් වෙමින් පැවසූහ. ලෝකවාසීන්ගේ සුබසෙත සලකා බලා බුදුදහම සහ ලොව සෙසු ආගම් අතර අනෝන්‍ය අවබෝධය හා සමාදානයක් පැවතිය යුතු බව උන් වහන්සේ එහිදී පෙන්වා දුන්හ.