Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

හෙළයේ සිනමාවේ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් දැයෙන් සමුගනී

හෙළ සිනමාවේ අග්‍රගන්‍ය සළකුණක් ලෙස සැලකෙන ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු වන ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත වේ. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යන විට 99 වියේ පසුවිය.



1918 වසරේ අප්‍රේල් මස 5 වැනිදා දෙහිවලදී උපත ලැබූ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ලෝක සිනමාවේ ශ්‍රී ලාංකීය සලකුණ ලෙස හැදින්වේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1956 වසරේදී නිර්මාණය කරන ලද රේඛාව චිත්‍රපටය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් ලෙස සැවොම පිළිගනිති. මෙරට සිනමාව අන්තර්ජාතික තලයේ මුල්වරට ඔසවා තබව ලද්දේ ද ඔහු විසිනි. 1919 අප්‍රේල් මස 05 දින කොළඹ දෙහිවල දී උපත ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර, රුකියා ජීවිතය ආරම්භ කරන ලද්දේ පුවත්පත් කලාවේදියකු ලෙසිනි. ඉන්පසු එංගලන්තයට ගිය ඔහු එහිදී පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ අතර කෙටි චිත්‍රපට කිපයක් නිර්මාණය කරන ලදී.

එම චිත්‍රපට ජාත්‍යන්තර අවධානයට ද පාත්‍ර විය. මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ සන්දේශය, ගම්පෙරලිය, ගොලු හදවත, නිධානය, දෙලොවක් අතර අහසින් පොළොවට, මඩොල්දූව, වීර පුරන් අප්පු, බැද්දේගම, යුගාන්තය, කලියුගය, අවරගිර, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ වැනි සෑම සිනමා කෘතියක්ම ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ලෝක සිනමාවට කළ සේවය වෙනුවෙන් ප්‍රංශය, ඉන්දියාව,ජපානය ඇතුලු රටවල් රාශියක් ඔහුව විශේෂ ගෞරව බහුමානයෙන් පුදන ලදී.

ඒ මහතාගේ දේහය කොළඹ 05, තිඹිරිගස්යාය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසේ තැම්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව ලබන බදාදා (02) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වේ.