Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 28, 2018

මෙරට තේ සදහා ජපානයෙන් සීමා පැනවීමේ අවධානමක් මතුවේ

ජපානය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ සඳහා සීමාවන් පැනවීමේ අවදානමක් මතුව ඇති බව පැවසේ. ඊට හේතුව වී ඇත්තේ ජපානය විසින් පනවා තිබෙන සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවේ තේවල MCPA රසායනිකය අන්තර්ගත වී තිබීම බව වාර්තා වේ.

රජය විසින් ග්ලයිපොසෙට් තහනම පැනවීමත් සමඟ මෙරට තේ වගාව ආශ්‍රිත වල් පැලෑටි විනාශ කිරීම සඳහා MCPA රසායනිකය භාවිත කිරීමට වගාකරුවන් පෙළඹීම හේතුවෙන් මෙම අර්බුදය උද්ගතව තිබේ. මේ හේතුවෙන් මෙරටින් අපනයන කරනු ලබන තේ අන්තර්ගතයේ MCPA රසායනිකය අඩංගුවිමත් සමඟ මෙරට තේ සඳහා ජපානයෙන් සිමාපැනවීමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.