Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

කියුබානු නායකයා ලෙස මිගෙල් ඩියෙස් කැනල් නම් කෙරේ

කියුබාවේ මීළඟ නායකයා ලෙස මිගෙල් ඩියෙස් කැනල් නම් කර ඇත. ඒ පිළිබඳ නිල නිවේදනය පසුගියදා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණ. මිගෙල් ඩියෙස් කැනල්, කියුබාවේ වත්මන් නායක රාවුල් කස්ත්‍රෝගේ ප්‍රධානතම අනුගාමිකයා ද වේ.

කියුබාවේ නව නායකත්වයත් සමඟ 1959 කියුබානු විප්ලවයේ සිට මෙතෙක් එරට නායකත්වයේ කටයුතු කළ කැස්ත්‍රෝ පවුලේ අවසානයද සනිටුහන් වනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ විසින් සිය සොහොයුරා වන රාවුල් කස්ත්‍රෝ වෙත බලය පවරනු ලැබුවේ 2006 වසරේදී ය.