Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 29, 2018

පිළිකා රෝගය සඳහා භාවිත කෙරෙන ආනයනික ඖෂධ සඳහා තීරු බදු ඉවත් කෙරේ

පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ ආනයනික ඖෂධ සඳහා තීරු බදු ඉවත් කිරීමට චීනය පියවර ගනී. මේ අනුව ලබන පළමු වැනි දින සිට පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ ආනයනික ඖෂධ ඇතුළු අනෙකුත් ඖෂධවල ආනයනික තීරු බදු ඉවත් කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරු බදු පිළිබඳ කමිටුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අනාගතයේදී සදාතනික ක්‍රමවේදයක් ගොඩනැගීමෙන් විවිධාකාරයෙන් පිළිකා රෝගයට ගොදුරුව සිටින රෝගීන්ගේ ඖෂධ ගාස්තු අඩු කිරීමට ද අපේක්ෂිත ය. මේ වන විට පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ ඖෂධ වර්ග 138 ක් චීනයේ දී භාවිත කෙරේ.