Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 28, 2018

මහ බැංකු වාර්තාව මුදල් අමාත්‍යවරයාට… ඉදිරියේදී රුපියල අව ප්‍රමාණය වීම වළක්වා ගත හැකියි

2017 - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට භාරදේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත එම අමාත්‍යාංශයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් 26 වැනි දින භාර දෙන ලදී.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්, මූල්‍ය මණ්ඩලයේ සාමාජික ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු නිළධාරීන් කිහිපදෙනෙක් මේ අවස්ථාවට එක් විය.


මේ අතර, ඉදිරි මාස දෙක තුළ රුපියල අව ප්‍රමාණය වීම වළක්වා ගත හැකි බව මහ බැංකුව පවසයි. ඉදිරියේදී හම්බන්තොට වරායේ අවසාන ගෙවීම වශයෙන් මුදල් ලැබීමත්, රටට මුදල් ගලා ඒමත් මඟින් රුපියල තවදුරටත් අව ප්‍රමාණයවීම වලකිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2017 වාර්ෂික මහ බැංකු වාර්තාව නිකුත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය. මෙහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ විනිමය අනුපාත තීරණය වීම වෙළෙඳපල මත සිදුවීමට ඉඩහැර ඇති බවයි. මේ අතර, රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වෙනස් වුවද විදේශ ණය සම්බන්ධයෙන් ගැටළුවක් නොවන බව මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.