Social Icons

facebookrss feedemailtwitter

Tuesday, April 24, 2018

දේශ සීමාවේ දකුණු කොරියානු ගුවන් විදුලිය නිහඩ වේ

උතුරු කොරියානු දේශ සීමාවේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශය කළ දකුණු කොරියානු ගුවන් විදුලි විකාශය නවතා ඇත. ඒ එළැඹෙන සිකුරාදා සෝල් හි දී පැවැත්වෙන සාකච්ඡා සඳහා සහාය වීමක් වශයෙනි.

දේශ සීමා ප්‍රදේශයේ රඳවා තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර විශාල සංඛ්‍යාවක් මගින් එහි රැඳී සිටින හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන්ට ඇසෙන පරිදි දකුණු කොරියාව විසින් මෙම විකාශය පවත්වා ගෙන ගියේය.

එමගින් කේ - පොප් සංගීතයේ සිට විවේචනාත්මක ප්‍රවෘත්ති වාර්තා ද විකාශය කෙරිණි. උතුරු කොරියාව විසින් ද දේශ සීමාවේ සිය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දකුණු කොරියාවේ සහ මිත්‍ර පාර්ශ්වයන්ගේ විවේචනාත්මක වාර්තා විකාශය කෙරේ. දකුණු කොරියාව අනුතමනය කරමින් ඉහළ ශබ්දයකින් විකාශය කරන එම යන්ත්‍ර ද නිශ්ශබ්ද කෙරෙනවා ද යන්න පිළිබඳව උතුරු කොරියාව තවමත් දැනුම් දී නොමැත.