Social Icons

facebookrss feedemailtwitter

Tuesday, April 24, 2018

මංගල උත්සවයකට ගුවන් ප්‍රහාර

යේමනයේ හජියා පළාතේ මංගල උත්සවයකට සෞදි ගුවන් හමුදාව ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවත්, පුද්ගලයන් විසි තුන් දෙනකු එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් යේමනයේ අල් මසිරා නමැති පුවත් නාළිකාව වාර්තා කර ඇත.

ගුවන් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත්, තුවාලකරුවන් රැගෙන යමින් තිබුණු රථවලට ද සෞදි ගුවන් හමුදාව පහර දුන් බවත් වාර්තා වේ. යේමන සිවිල් යුද්ධයට මැදිහත් වෙමින්, සෞදිය පහර දෙන්නේ යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ටය. හවුති සටන්කාමීන් යේමයේ සෞදි හිතවාදීහු රජය පෙරළා දමා බලය අත්පත් කරගෙන සිටිති. යේමන අර්බුදය ආරම්භ වූයේ ඒ අනුවය.