Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

යුරෝපයේ Whats App භාවිත කිරීමේ වයස් සීමාව ඉහළට

යුරෝපා කලාපයේ Whats App අන්තර්ජාල පණිවිඩ සේවය භාවිත කළ හැකි පුද්ගලයින්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට එම සමාගම පියවර ගෙන තිබේ.

ෆේස්බුක් සමාගමට අයත් ව Whats App ඇප් එක සඳහන් කළේ යුරෝපා සංගමය ඉකුත් මැයි මාසයේදී හඳුන්වාදුන් දත්තවල පෞද්ගලිකත්වය සුරැකීමේ රෙගුලාසි අනුගමනය කරමින් මෙම පියවර ගත් බවයි.


මේ අනුව මීට පසු Whats App භාවිතා කිරීමේදී යුරෝපා සංගමයේ රටවල ජීවත් වන පුද්ගලයින්ට සිය වයස තහවුරු කිරීමට සිදුවනු ඇත. මීට පෙර Whats App භාවිත කළ හැකි අවම වයස් සීමාව ලෙස සදහන් වූයේ වයස අවුරුදු 13 ය.