Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

දුමින්ද සිල්වා ඇතුළු සිව්දෙනා ඉදිරිපත් කළ අභියාචනය 10 වැනි දින දක්වා කල් දැමේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනය අනිද්දා දින දක්වා කල් දමා ඇත.

ඒ, අදාළ අභියාචනය අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 08 වැනි දින කැඳවූ අවස්ථාවේදීය. විත්තිකරුවන් වරදකරුවන් කිරීමේ නඩු තීන්දුව අවිධිමත් නඩු තීන්දුවක් ලෙස අර්ථකථනය කරමින් විත්තියේ නීතිඥවරුන් එය නීතිමය වශයෙන් දෝෂ සහිත බව අධිකරණය හමුවේ පෙන්වා දුන් බවයි, වාර්තා වන්නේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීරණය මත මරණීය දණ්ඩනය පනවනු ලැබීය.